මාගේ වැඩ පිළිවෙල ක්‍රියාවට නංවන්නේ කෙසේද ?
වර්තමානයේ පවතින පක්ශ දේශ්පාලන ක්‍රමය අහෝසි කර, පාර්ලිමේන්තුව / ප්‍රදේශීය සභා / නගර සභා / පළාත් සභා යනාදිය, ස්වධීන මන්ත්‍රී නියෝජන සහිත පාලන ක්‍රම ස්ථාපිත කරන තාක් කල් දේශපාලකයන් ලෙස පත් වන අය මහජන දේපොළ සහ ධනය හොරා කන ක්‍රමය නැති කළ නොහැක.
ස්වාධීන මන්ත්‍රී නියෝජනයක් ඇති කිරීම මගින් එකිනෙක මන්ත්‍රී ට හිතවත් පක්ශයක් / කණ්ඩායමක් දේශපාලන ව්‍යුහයට පැමිණීම නවතී. එබැවින් එකිනෙක මන්ත්‍රීන් ස්වාධීනව ගැටලු වලට මුහුණ දිය යුතු වේ. ඔහු වරදක් කළහොත් ඔහුට සිදු වන්නේ තනිව ජනතාවට මුහුණ දීමටයි. ජනතාව ඉදිරියේ තනි පුද්ගලයා නිතැතින්ම පරාද වනු ඇත.
දේශපාලකයාට හොරකම් කිරීමට බැරි වන විට, ඒ යටතේ ඇති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට හොරකම් කිරීමට බැරි වනු ඇති.
එවිට දේශපාලකයන් විසින් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් මහජන ධනය හොරකම් කිරීමේ අවස්ථා ඇහිරී යන බැවින්, මහජන මුදල් ඉතිරි වේ. නාස්තිය වැළකේ. එමගින් ඉතිරි වන සුවිශාල මහජන මුදල මෙම දේශයේ දියුණුවට සහ සියලු වැසියන්ගේ ( මිනිසුන් , සතා සිවුපාවන් ) යහපත සහ සුභසාධනය සදහා යෙදවිය හැකි වනු ඇත.
නාස්තිය සහ හොරකම වැලකීම මගින් , ලැබෙන බදු මුදල් / රාජ්‍ය ආදායම් ආදිය පිරිමැසෙන බැවින්, රජය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ප්‍රමාණය අඩු අගයක් ගනු ඇත. එම නිසා , ජනයා මත පටවා ඇති අධික බදු බර අඩු කිරීමට හැකි වනු ඇත.
හොරකම සහ වංචාව නැති කිරීම මගින්
ඉන්ධන
ජලය
විදුලිය
යනාදී රජය මගින් ලබා දෙන සේවා අඩු මිලක් යටතේ ජනතාවට සැපයිය හැකි වනු ඇත.
එමගින් ජනයාගේ ජීවන වියදම අඩු වේ.
එබැවින්, ප්‍රථම පියවර එය වන අතර, ඉන් අනතුරුව දේශය සංවර්ධනය කිරීම සහ වැසියන්ගේ සුභසාධනය සදහා පහත උපායන් ක්‍රියාවට නංවනු ඇත.
එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පහත හෙලීම සදා පහත උපක්‍රම අනුගමනය කරනු ඇත.
මෙරට කෘෂි නිශ්පාදන වල මිල පහත හෙලීම සදහා වැඩ පිළිවෙළ
———————
මෙරට ආහාර භෝග නිශ්පාදනය බහුලව සිදු වන්නේ උඩරට ප්‍රදේශ වල සහ මැදරට ප්‍රදේශ වලය.
එම නිශ්පාදන අනෙකුත් ප්‍රදේශ වෙත ප්‍රවාහනය කිරීමේදී අධික ප්‍රාවහන පිරිවැයක් එකතු වේ. එබැවින් තොග වෙළෙන්දා විසින් නිශ්පාදකයාගෙන් අඩු මිලට ලබා ගන්නා කෘශි නිශ්පාදන ,
තොග වෙළෙන්දාට වැඩි මිලකට විකිණීමට සිදු වේ. තොග වෙළෙන්දා විකුණන මිල ඉහ්ළ බැවින් සිල්ලර වෙළෙන්දාගේ මිල වැඩි වේ.
ක්රමවත සැපයීම් ජාලයක් වෙනුවෙන් නිශ්පාදකයා , තොග වෙළෙන්දා , සිල්ලර වෙළෙන්දා යන කොටස් තුනම අත්‍යවශ්‍ය වේ. එසේ නම් ප්‍රවාහන වියදම් අඩු කිරීම මගින්, නිශ්පාදකයාගේ සිට සිල්ලර වෙළෙන්දාට ලැබෙන භාණ්ඩ වල මිල පහත හෙලිය හැකි වනු ඇත.
එම නිසා, නිශ්පාදන තොග වෙළෙන්දාට අඩු ප්‍රවාහන පිරිවැයක් යටතේ ප්‍රවාහනය කිරීම සදහා පහත යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබේ.
1- දඹුල්ල , තඹුත්තේගම , මැනිං ආර්ථික මධ්‍යස්තානය දක්වා දුම්රිය මාර්ගයක් සෑදීම
2- යාපනය, කැප්පෙටිපොල ,කටුගස්තොට , මීගොඩ සහ අනෙට්කුත් ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්තාන සදහා දුම්රිය මාරග සෑදීම හෝ භූගෝලීය පිහිටීම මත එම ආර්ථික මධ්‍යස්තාන , පවතින වෙළද ප්‍රජාව යටතේම ආසන්න දුම්රිය ස්තාන සමීපයෙන්ම පිහුටුවීම
3- ප්‍රදේශීය ආර්ථික මද්‍යස්ථාන වල සිට, ගම් ශ නගර කරා කෘශි නිශ්පාදන ප්‍රවාහනය සදහා තරගකාරී ප්‍රවාහන ආයතනක ස්ථාපිත කිරීම.